spot_img

යටිනුවර විපක්ෂනායකගේ අවසන් ලිපිය

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්තසිය බිරිඳ හා වැඩිමහල් දියණිය ඝාතනයකර සියදිවි හානිකර ගැනීමට හේතුව සඳහන් කරමින් ඔහු විසින් ලියා ඇති දීර්ඝ ලිපියක් අදාල වීපක්ෂනායකවරගේ නිවසේ තිබී පොලිසියට හමුවී තිබෙනවා .

එහි සඳහන් වන අන්දමට විපක්ෂ නායක චම්පික නිලන්තසිය බිරිඳ හා වැඩිමහල් දියණිය ඝාතනයකර සියදිවි හානිකර ගෙන ඇත්තේ මුදල් ප්‍රශ්නයක් මත ව්‍යාපාරිකයෙකුගෙන් එල්ලවූ දැඩි පීඩනයක් මුල්කරගෙන බවයි මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ .

මෙම මරණවලට වගකිව යුත්තේ අදාල ව්‍යාපාරිකයා බවද එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

එම ව්‍යාපාරිකයා පොලිසියේ මෙන්ම ජාතික පොලිස් කොමිසමේද සිටි බලවත් නිලධාරියෙක් වන අතර ඔහු මේ වනවිට ජීවතුන් අතර නැති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරයෙක් බවයි සඳහන් වන්නේ .

තමාව ව්‍යාජ නඩුවකට පැටලවීම් ගැන මෙන්ම එම චෝදනාවෙන් ගලවා ගැනීමට නීතිඥවරයෙක් විසින් මහනුවර පොලිස් ලොක්කෙකුට අල්ලස් ලෙස ලබාදීමට යැයි සඳහන් කරමින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාගැනීම ගැනත් එම ලිපියෙහි සඳහන් .

පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ දිනක තමාට එරෙහිව ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති ව්‍යාපාරිකයා පසුව තමාට අයත් මෝටර් රථයක් බලහත්කාරයෙන් අලෙවිකර රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාගැනීමක් ගැනද එම ලිපියෙහි දක්වා ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

මෙම ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ 50ක් ලබාගෙන ඇති අතර එම ව්‍යාපාරික කටයුත්ත සාර්ථක නොවීම හේතුවෙන් ඔහු ණයකරුවෙක් වී ඇති බවයි විමර්ශනයෙන් අනාවරණය වී තිබෙන්නේ

සිය වැඩිමහල් දියණිය සුදු කබර රෝගයෙන් පීඩා විදීම ගැනද ඔහු දැඩි කලකිරීමකට ලක්ව සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇයව ඉන්දියාවට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට සූදානමින් සිටියත් ණය ගැටළුව නිසා ඔහු ඒ ගැනද සිට ඇත්තේ දැඩි පීඩනයකින් බවත් එම ලිපියේ සඳහන් කොට තිබේ .

කෙසේ වෙතත් සිය බාල දියණියට ඔහුගෙන් අනතුරක් වී නැති බවද සඳහන් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED