අද (03) උදෑසන 6.35ට පමණ මාතර කපුගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා .
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේ
වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.
තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් වන අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුකරනු ලබනවා .