මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ නිමාව සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රය වන දිය කැපීමේ චාරිත්‍රය අද (9) පෙරවරුවේ සුබ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදු කරනු ලැබුවා .
අවසන් රන්දෝලි මහා පෙරහර නිමා වී සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර සිව්මහා දේවාලයන්හි පෙරහර සමග ගැටඹේ මහවැලි ගං තොටදී මෙම දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරුණා .
දියවඩන නිලමේ ප්‍රධාන සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් විසින් සම්ප්‍රදානුකූලව පෙරහැර සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් පසු මෙවර ඇසළ මහ පෙරහර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත්වේ .