ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
33 හැවිරිදි සැකකරු මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවපොලීසිය පැවසීය.
ඉකුත් 16 වනදා අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇත.
අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද යොදවා තිබුණි.
වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවකුටත් හානියක් නොමැත.