ඊයේ අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා .අදාළ ඝාතනය සිදු කල පෙම්වතා බව කියන තරුණයට පසුව ඔහුගේ ගෙල කපාගෙන මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල සිදුකර ඇති අතර තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට මහඔය මූලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටින බවයි සඳහන් වන්නේ .
ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි සරෝජා උදයංගනී නැමති තරුණියක් වන අතර, ඝාතනය සිදුකළ තරුණයා මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පදියතලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා .