ඊයේ (11) පස්වරුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පියපුතු දෙපොළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් පොළොන්නරුව ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගොස් ඇති අතර එහිදී ඔවුන් ඔරුවක නැගී පරාක්‍රම සමුද්‍රයේ දියනෑමට ගොස් ඇති බවයි සඳහන් වන්නේ .
එහිදී ඔරුව පෙරළී ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔරුව තුළ පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා .
අනතුරින් මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු සහ 38 හැවිරිදි පුත්‍රයා වන අතර ඔවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
මියගිය පුද්ගලයින්ගේ මළසිරුරු පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදුකිරීමට නියමිතව තිබෙනවා .