හබරාදූව, පීල්ලගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය සංචාරකයින්ගේ රථවාහන ගාල් කිරීම සඳහා මුදල් අයකළ පුද්ගලයින් තිදෙනෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් මෙලෙස වාහනවලින් මුදල් අයකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ .
උණවටුන සංචාරක පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙනවා .
එහිදී අනාවරණය වී ඇත්තේ බස් රථයක් ගාල් කිරීම සදහා රුපියල් 1,500ක මුදලක් ද, කාර් වෑන් ඇතුළු අනෙකුත් රථවාහන ගාල් කිරීමට රුපියල් 1,000ක් ලෙස අයකර ඇති බවයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 35 සහ 41 යන වයස්වල පසුවන්නන් බව ද සඳහන්.
සැකකරුවන් හබරාදූව පොලීසිය වෙත භාර දී ඇති අතර, ඔවුන් අද (11) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .