spot_img

නෙදර්ලන්ත තානාපතිනිය සහ අගමැතිනිය අතර හමුවක්

නෙදර්ලන්ත රජයේ මෙරට තානාපති ලෙස කටයුතු කළ Bonnie Harbach මහත්මිය සිය සේවා කාලය අවසන් කර මෙරටින් පිටව යාමට ප්‍රථම ඊයේ (28) දින අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වුණා.

ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය මෙහිදී යොමු වු අතර ලංකාවේ මෙතෙක් පැවති සාමකාමී මැතිවරණ ත්‍රිත්වය සම්බන්ධයෙන් සතුටට පත් වන බවත්, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් තානාපතිනිය මෙහිදි පවසා සිටියා .

ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, අභියෝග ජය ගැනීම සඳහා නෙදර්ලන්ත රජය සහයෝගය ලබා දෙන බවත් තානාපතිනිය මෙහිදී අවධාරණය කර සිටියා .

නෙදර්ලන්ත තානාපතිනිය ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් සහය පිලිබඳව සතුටු වන බවත්, ඉදිරියටත් නෙදර්ලන්තයේ සහය ශ්‍රි ලංකාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරි කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක් කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා සිටියා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක නාමල් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂිකා තිවංකා අතුරලිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED