ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (08) යෙදී තිබෙනවා .
සම්බුද්ද්ධ පරිනිර්වාණයෙන් පසු ව ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක් නිකිණි පුර පසළොස්වක පොහෝ දින සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් .
එමෙන්ම පන්සල සහ ගිහියන් අතර සබඳතාව වඩාත් තහවුරු කිරීමට ද මෙම පොහොය දිනයේ තවත් වැදගත්කමකි .