වයස දින තුනක් පමණ වන බිළිඳියගේ මළ සිරුරක් මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියක් තුළ තිබී ඊයේ (01) හමුවී තිබෙනවා .
පුත්තලමේ සිට ඊයේ උදෑසන ගල්කිස්ස බලා පැමිණි අංක 8346 දරණ දුම්රිය, ගමන නිමාකිරීමෙන් පසු මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබුණු අතර එහිදී දුම්රිය පිරිසිදු කිරීමට එක්වූ සේවයන් පිරිසකට දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක් දෙසින් දැඩි දුර්ගන්ධයක් දැනී ඇත.
ඒ අනුව කළ පරික්ෂාවේදී ඔවුන් දැක ඇත්තේ කුඩා බිළිඳියක් මල්ලක දමා වැසිකිළියේ අතැර ගොස් තිබූ අයුරුය.
මියගිය බිළිඳිය පිළිබඳ මෙම සේවකයන් වහාම දෙමටගොඩ පොලිසිය දැනුම්වත් කළ අතර ඒ අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා
මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ ඇය දින තුනක් පමණ වයසැති බිළිඳියක් වන බවත් සිරුරේ පෙකණි වැලේ කොටසක් ද ඇති බවත්ය .
දරුවාගේ මෘත දේහය සහ දුම්රිය මැදිරිය පරීක්ෂාව සඳහා අලුත්කඩේ වැඩබලන මහේස්ත්රාත්වරයා එම ස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණි අතර අනතුරුව මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර රැගෙන යනු ලැබුවා .