අද උදෑසනදී තායිලන්ත හා කාම්බෝජයේ හමුදා භට පිරිස් අතර දෙරටේ දේශසීමාව අසලදී ගැටුමක් ආරම්භ වී තිබේ.
මෙහිදී දෙපාර්ශවයම පවසා ඇත්තේ දෙපිරිස අතර යම් වෙඩි හුවමාරුවක් සිදු වු බවය.
ටා මුවෙන් තොම් ඛමර් දේවාලය අසලදී කාම්බෝජ හමුදාව විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බව තායිලන්තය චෝදනා කර ඇත.
කෙසේ වෙතත් තායිලන්ත හමුදා පළමුව තමන්ට වෙඩි තැබූ බවත්, තම ආත්මාරක්ෂාව සඳහා කාම්බෝජ සොල්දාදුවන් ඊට ප්‍රතිචාර දැක්වූ බවත් කාම්බෝජ ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.