පොළොන්නරුව – හබරණ මාර්ගයේ 63 වන සහ 64 කිලොමිටර් කනුව අතර ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී පසුපැදිකාරිය ටිපර් රථයට යටවී අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මෙලෙස මියගොස් ඇත්තේ, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියෙකි.
මේ අතර කාලයේ කළුතර දකුණ පොලිස් වසමේ පලාතොට – නාගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක් යතුරුපැදි දෙකම එකවර ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදි දෙක එකිනෙක ගැටී මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ .
මෙලෙස මියගොස් ඇත්තේ, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙකි.