ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) උදෑසන මාලදිවයින රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.
ඒ මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයකට අනුවයි.
ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතව ඇත.