ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (07) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 42ක් සහ සැකකාරියන් අවුරුදු 22 හා 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් වන බවයි සඳහන් වන්නේ .
මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .