spot_img

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා .

සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිදී පිළිගනු ලැබුවා .

මෙම නිල සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය මහත්මිය හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇත.

එසේම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටින කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණය කිරීමටත් නියමිතව ඇත .

ඕස්ට්‍රේලියාවේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා වන රිචර්ඩ් මාල්ස් (Richard Marles)මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් මැලේසියාවේදී සිදු වුණා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED