පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව ඊයේ (26) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,182ක් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 230 මිලිග්‍රෑම් 159ක ප්‍රමාණයක් හා හෙරොයින් ග්‍රෑම් 220 මිලිග්‍රෑම් 415ක ප්‍රමාණයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.
අපරාධවලට ඍජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 20 දෙනෙකු හා විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 410 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විශේෂ මෙහෙයුම තුළින් පුද්ගලයන් 24,343 දෙනෙකු,වාහන 9,727 හා යතුරුපැදි 7,396ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇත.
එමෙන්ම මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී ගිනි අවි හතරක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
මේ සදහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුලු නිලධාරීන් 7600කට අධික පිරිසක් සහභාගී වී තිබේ.