ඊයේ (01) සවස් කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා බරපතළ තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුලත් කර තිබුණා .
තුවාලකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ලුනාව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණු බවත් ගල්කිස්ස පොලීසිය සඳහන් කර සිටියා .
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ අඟුලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ප්රදේශයෙන් පලාගොස් සිටින එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා .