මීරිගම ප්රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මී මුරේ ගම්මානයට ගමන් කරන අතරතුර ඔවුන් ගමන් ගත් වෑන රථය අධික බෑවුම් සහිත ප්රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පෙරළී ගොස් යළි ප්රධාන මාර්ගය අසළ නැවතීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා .
අනතුරින් පුද්ගලයන් 04 ක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු අයත් වේ.
එමෙන්ම තවත් කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ .
අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති අතර ප්රදේශවාසීන් එක්ව රථයේ සිටි පුද්ගලයින් මුදවා රෝහල් ගත කිරීමටද පියවර ගෙන තිබුණා .