අද සිට අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් සදහා ආසනපටි පැලදීම අනිවාර්ය කර තිබෙනවා .
ඒ අනුව අද සිට මෙය විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට නියමිතව ඇත .
මේ අතර එළැඹෙන සැප්තැම්බර් මස 1වනදා සිට අධිවේගී මාර්ගයන්හී ගමන්ගන්නා මගී බස්රථවල සියලු මගීන් ද ආසනපටි පැළදීම අනිවාර්ය කිරීමට ජාතික ගමනානමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා .
ඒ පිළිබද පැහැදිලි කළ ජාතික ගමනානමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා,
“සැප්තැම්බර් මස 1වනදා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් රැගෙන යන බස් රථවල රියදුරා ඇතුළු සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා” යැයි පැවසීය.