spot_img

අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි

බස්නාහිර,මධ්‍යම,සබරගමුව,සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  තැනින් තැන වැසි ඇති විය හැකිය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිසාවෙන් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED