කුරුණෑගල – මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ වෙල්යායක් අසළ කුඹුක් ගහක් යට අතහැර දමාගොස් තිබියදී සොයාගත් දින දෙකක් වයසැති බිළිඳිය දරුකමට හදා ගැනීමට ඉල්ලා දුරකතන ඇමතුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබුණු බව මාවතගම පොලිසිය ප්‍රකාශ කර සිටියා .
කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අමෙරිකාව සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක පදිංචියට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙලෙස මෙම දරුවා හදා වඩා ගැනීම සදහා ඉල්ලා දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවයි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මෙම සිගිත්තිය දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරමින් දුරකතන ඇමතුම් දුන් සියලු දෙනාටම ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රමවේදයන් ගැන පැහැදිලි කර දුන් බවයි ඔහු කියා සිටියේ.
පෙරේදා උදෑසන කාලයේදී සොයාගත් මෙම බිළිඳාගේ මව කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා .