spot_img

සිනමා ශාලාවක සිවිලිමක් හදිසියේ කඩා වැටේ

ඉන්දියාවේ ගුවහාටි හි PVR සිනමා ශාලාවේ සිවිලිමේ කොටසක් ඊයේ (03) රාත්‍රියේ ‘මහාවතර් නර්සිංහ’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් සිටියදී කඩා වැටීමකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .

උඩිස් ව්‍යුහයේ කොටසක් හදිසියේම මෙලෙස කඩා වැටීමෙන් සුන්බුන් විසි වී තිබෙන අතර සිනමා ශාලාවේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රදර්ශනය නවතා ප්‍රේක්ෂකයින් ඉවත් කිරීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූවන්ට එම ස්ථානයේදීම ප්‍රථමාධාර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ .

කෙසේ වෙතත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් එරට බලධාරීන් විසින් සිනමා ශාලාව පරීක්ෂා කිරීම සඳහා මේ වන විට සිනමා ශාලාව තාවකාලිකව වසා දමා ඇති බවත් වාර්තා වේ .

එම සිනමා ශාලාවේ සාප්පු සංකීර්ණ කළමනාකාරිත්වය සහ PVR නිලධාරීන් තවමත් මේ සිද්ධිය පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා . අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර කර ප්‍රතිකාර...

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා පිරිසක් කටයුතු කරනවා

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එකතු වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් මැල්කම් රංජිත්...

වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක රථයක ගැටී...

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හයක් රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා . ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ග රාවණා දිය ඇල්ලට ඉහළ...

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබෙනවා . බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන්...

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක්

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා...

වෙනත් ලිපිRELATED