spot_img

ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා .

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර පසුගිය මස 30 වෙනිදා ආරම්භ වු අතර පුරා දින 9ක් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව 10 වන දිනය වන අද දින පස්වරුවේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පවසා සිටියා .

මේ අතර, හෙට (09) දහවල් පෙරහැර සවස 2.16ට අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයෙන් ශ්‍රී දන්තධාතු මන්දිරයෙන් පිටත්ව, සතර මහා දේවාල පෙරහැර ද කැටුව, ඩී.එස්. සේනානායක වීථිය හා පන්සල පාරේ ගමන්කර, දේව වීථියෙන් රජ වීථියට හැරී සිරිත් ප්‍රකාරව, ශ්‍රී දළදා මාළිගා චතුරශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට, සවස 4.42ට උතුරු දිශාභිමුඛව පෙරහැර ගෙවැදීමට නියමිතව ඇත .

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා .

ඒ අනුව මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මඟපෙන්වීම හා රථ වාහන ගාල්කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් මේ යටතේ දියත් කර ඇති බවයි සඳහන් වන්නේ .

මේ අතර මහනුවර ඇසළ මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් අද දිනයේද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇතිබව දුම්රිය සාමානය්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED