නුවරඑළිය විමලසුරේන්ද්‍ර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එහි වාන් දොරටු අද (19) උදෑසන විවෘත කළ බව නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා .
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වී ඇති බව වාර්තා වී ඇත .
ජල මට්ටම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ඇතුළු ප්‍රධාන ජල විදුලි බලාගාර කිහිපයක් මේ වන විට විදුලිය නිපදවීම සඳහා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වේ.