spot_img

වැවක දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

ඊයේ (15) දහවල් කාලයේදී මදුරන්කුලිය පොලිස් වසමේ වීරපුර ගැමුණු වැවේ දියනෑමට ගිය 12 හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා .

අදාල දරුවා පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලීසිය සඳහන් කර සිටියා .

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මෙම දරුවා තම නැන්දණිය සමග දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවයි සඳහන් වන්නේ .

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා . එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ මෙම...

කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ...

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි තත්වයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව...

ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත්

මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ...

වසරේ මේ දක්වා කාලය තුළ ගිලී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට

වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය...

රුපියල් කෝටි 05ක කේරළ ගංජා තොගයක් පොලිස් භාරයට

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින...

වෙනත් ලිපිRELATED