වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා .
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අඛණ්ඩය මේ සම්බන්ධයෙන් මැදිහත් කිරීම් සිදු කරමින් සිටින බවද බිමල් රත්නායක අමාත්‍යවරයා පෙන්වා දුන්නා .
නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා . එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ලාබ ලබන ඩිපෝ සඳහා ඉදිරියේදී බෝනස් ලබාදීමට කටයුතු කරන බවයි .