spot_img

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවැසුවා .

අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලිකර තිබෙනවා .

විදේශ රැකියා ඒජන්සි සමාගම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත්වන විට සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ .

සැකකරු අද (13) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයව තිබෙනවා .

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා . අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර කර ප්‍රතිකාර...

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා පිරිසක් කටයුතු කරනවා

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එකතු වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් මැල්කම් රංජිත්...

වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක රථයක ගැටී...

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හයක් රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා . ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ග රාවණා දිය ඇල්ලට ඉහළ...

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබෙනවා . බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන්...

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක්

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා...

වෙනත් ලිපිRELATED