spot_img

යේමනයේ වෙරළට ඔබ්බෙන් 150 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් පෙරළී යයි .

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දින යේමනයේ වෙරළට ඔබ්බෙන් 150 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් ගිලී යාමට ලක්ව තිබෙනවා .

අදාළ අනතුරින් සංක්‍රමණිකයන් 65 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉතියෝපියානු ජාතිකයන් යැයි විශ්වාස කරන බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

කෙසේ වෙතත් පුද්ගලයින් 10 දෙනෙකුගේ පමණ දිවි බේරාගෙන ඇති බව ද සඳහන් වේ .

අප්‍රිකාවේ සිට රැකියා සොයමින් ගල්ෆ් අරාබි රාජ්‍යයන් වෙත ගමන් කරන සංක්‍රමණිකයින් සඳහා යේමනය තවමත් ප්‍රධාන මාර්ගයක් වන අතර, IOM සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව එම මුහුදු කළාපයේ තිබූ නැව් සුන්බුන් අනුව ඇස්තමේන්තු ගත කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළදී සිය ගණනක් මෙලෙස මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බවටය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED