මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා .
මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි සඳහන් වන්නේ .
මෘත ශරීරය නරක් වී ඇති අතර උඩුකයට නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ යටිකයට නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැද සිටින බව පොලීසිය සඳහන් කර සිටියා .
කෙසේ වෙතත් අදාළ පුද්ගලයාගේ මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා .