බොරැල්ල සිරිසර උයන ක්රීඩාංගණයේදී ඉකුත් 7 වනදා රාත්රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
මියගිය තරුණයා 23 හැවිරිදි වියේ පසුවන අයෙකු බවයි පොලීසිය සඳහන් කර සිටියේ .
ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට රෝහල්ගත කළ තරුණයන්ගෙන් දෙදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා .