spot_img

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ඇරඹෙයි

ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගත යුතුයි

රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒම ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ යි .
ජනපති

රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එක් පසෙකින්, රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම, අනෙක් පසින්, ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදා කර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීම ආණ්ඩුවේ වගකීම බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සහභාගී වෙමිනි.

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස පිළිගන්නා ලද අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහනෙහි අරමුණු පැහැදිලි කරන ලදී.

අනතුරුව “ප්‍රජාශක්ති” ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය හඳුන්වා දෙන ලදී.

ප්‍රජාශක්ති නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පොල්රාජ්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු මැති ඇමතිවරුද, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද, පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරිහු, ජාත්‍යන්තර ආයතන නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED