නීති විරෝධි ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 22ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .අදාල පුද්ගලයන් සන්තකයේ තිබී නීති විරෝදී උපකරණ කිහිපයක්ද සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ .
නාවික හමුදාව, පොලීසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 23 වන දා සිට 31 දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාව ආවරණය වන පරිදි වැටලීම් සිදුකරනු ලැබුවා .
එහිදී තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නාක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 22ක් සමග ඩිංගි යාත්‍රා 5ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .
මෙම වැටලීම්වලදී අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් 210ක් සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.