spot_img

දුම්රිය මැදිරියේ බිළිඳියගේ මළ සිරුරක්

වයස දින තුනක් පමණ වන බිළිඳියගේ මළ සිරුරක් මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියක් තුළ තිබී ඊයේ (01) හමුවී තිබෙනවා .

පුත්තලමේ සිට ඊයේ උදෑසන ගල්කිස්ස බලා පැමිණි අංක 8346 දරණ දුම්රිය, ගමන නිමාකිරීමෙන් පසු මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබුණු අතර එහිදී දුම්රිය පිරිසිදු කිරීමට එක්වූ සේවයන් පිරිසකට දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක් දෙසින් දැඩි දුර්ගන්ධයක් දැනී ඇත.

ඒ අනුව කළ පරික්ෂාවේදී ඔවුන් දැක ඇත්තේ කුඩා බිළිඳියක් මල්ලක දමා වැසිකිළියේ අතැර ගොස් තිබූ අයුරුය.

මියගිය බිළිඳිය පිළිබඳ මෙම සේවකයන් වහාම දෙමටගොඩ පොලිසිය දැනුම්වත් කළ අතර ඒ අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා

මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ ඇය දින තුනක් පමණ වයසැති බිළිඳියක් වන බවත් සිරුරේ පෙකණි වැලේ කොටසක් ද ඇති බවත්ය .

දරුවාගේ මෘත දේහය සහ දුම්රිය මැදිරිය පරීක්ෂාව සඳහා අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණි අතර අනතුරුව මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර රැගෙන යනු ලැබුවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හයක් රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා . ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ග රාවණා දිය ඇල්ලට ඉහළ...

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබෙනවා . බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන්...

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක්

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා...

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

වෙනත් ලිපිRELATED