spot_img

ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එක් අයෙක් ජිවිතක්ෂයට

මහනුවර යාපනය A9 මාර්ගයේ කොඩිකාමම් පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආසපුල්ලේ ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ කරම්පහම්, මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කර සිටියා .

මෙහිදී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් මත එහි පැදිකරු සිටි අවස්ථාවේදී, යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථය ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

ටිපර් රථ රියදුරු යතුරුපැදියේ සිට රථය ගැටීම වැළැක්වීමට තිරිංග ක්‍රියාත්මක කරන අවස්ථාවේ, ඊට පිටුපසින් එම දිශාවටම පැමිණි කූලරය සහිත ලොරි රථයක් ටිපර් රථයේ පිටුපස ගැටී තිබෙනවා .

ඒ හේතුවෙන් ටිපර් රථය ගොස් නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඇති අතර, කූලරය සහිත ලොර් රථය ද ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයකද ගැටී ඇත.

යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ටිපර් රථයේ රියදුරු, කූලරය සහිත ලොරි රථයේ රියදුරු, එම රථයේ රිය සහායක, කාර් රථයේ රියදුරු සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED