spot_img

ජනපතිගේ කීර්තිනාමයට හානිවන අයුරින් ප්‍රචාරය වූ අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්තිනාමයට හානිවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය තොරතුරු සහ මඩ ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා .

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම ප්‍රචාරයන්ට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි සහ යූ ටියුබ් නාලිකා පිළිබඳව විමර්ශන සිදු කරනු ලබනවා .

මෙම මඩ ප්‍රචාරයන් නිර්මාණය කිරීම සඳහා රජයේ අමාත්‍යවරුන් සහ රජයට සහාය දක්වන පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් භාවිත කර ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසනවා .

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ජනාධිපතිවරයාගේ, රජයේ සහ අමාත්‍යවරුන්ගේ කීර්තිනාමයට හානි සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED