spot_img

ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත්

මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (16) පස්වරුවේ පීලි පැනීමට ලක්ව තිබු අතර දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා .

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා .

මේ අතර අද පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන් ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටා ඇති දොඩංදූව, හික්කඩුව, කහව සහ අම්බලන්ගොඩ යන දුම්රිය ස්ථානවලින් ආරම්භ කෙරෙන බව සඳහන්.

එමෙන්ම බෙලිඅත්ත සිට ධාවනය වීමට නියමිත දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වී තිබෙනවා .

ඒ අනුව එම දුම්රියේ මගීන්, බස් රථ ඔස්සේ ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටි දුම්රිය ස්ථානයකට පැමිණ අනෙක් දුම්රියකට මාරුවීමේ හැකියාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණයක්

පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන...

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් ආරම්භ වේ

2025 වර්ෂයට අදාල රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් ආරම්භ වේ...

මසුන් ඇල්ලීමට ගිය අයෙක් මාරයා අල්ලා ගනී

සෙවනගල ප්‍රදේශයේ හබුරුගල බෝධිරාජ වැවේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වූ...

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා . එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ මෙම...

කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ...

වෙනත් ලිපිRELATED