තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිය භාරයට ගෙන තිබෙනවා .
අදාළ මත්ද්‍රව්‍ය තොගය වායු සමීකරණ උපකරණ තුළ සඟවා මෙරටට ගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ .
පෑලියගොඩ නුගේගොඩ පාර වරාය බහාලුම් අංගනයක බහලුමක් තුළ තිබී කිලෝග්‍රෑම් 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා සඳහන් කර සිටියා .
මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ආනනය කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .