UPDATE ( 10.13 AM )
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා .
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමන දුරින් කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසල ගඟට පෙරලා දමා තිබිය දී මෙම යතුරුපැදිය සොයා ගත් බව පොලීසිය පවසා සිටියේ .
——————————
අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා .
යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පවසා සිටියා .
මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු කැස්බෑ මධ්‍යස්ථානයක හිමිකරුවෙකුගේ පුත්‍රයා වන අරුත් මැන්ඩිස් නම් වන බවයි වාර්තා වී ඇත්තේ .
ටී 56 ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිත කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත .
කෙසේ වෙතත් අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා .