spot_img

කාම්බෝජයේ දිස්ත්‍රික්ක 08කට එරෙහිව තායිලන්ත යුධ නීතිය

කාම්බෝජයට මායිම්ව ඇති ප්‍රදේශවලට යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට තායිලන්තය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තායිලන්තයේ දේශසීමා ආරක්ෂක අණදෙන නිලධාරීවරයා පවසා ඇත්තේ කාම්බෝජයට මායිම්ව ඇති තායිලන්තයේ දිස්ත්‍රික්ක 8කට මෙම යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවය.

මේ අතර තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තම් චෙචයාචායි අනතුරු අඟවා ඇත්තේ කාම්බෝජය සමග දේශසීමා ගැටුම් නිසාවෙන් මේ වන විට බොහෝ පිරිසක් මියගොස් ඇති බවත් එය යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවත්ය.

දිගු කලක් පුරාවට පැවැති දේශසීමා ආරවුලක් හේතුවෙන් ඊයේ දිනයේ ජෙට් යානා, කාලතුවක්කු, ටැංකි සහ ගොඩබිම් භටයින් සමග දැඩි සටනක් දක්වා වර්ධනය වී ඇති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද මෙම ගැටුම් පිළිබඳව හදිසි සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබුණි.

එම වාතාවරණය මධ්‍යයේ අද (25) සවස සිට තායිලන්ත හමුදා දේශසීමා අණදෙන නිලධාරිවරයෙකු විසින් කාම්බෝජය සමග මායිමේ පිහිටි දිස්ත්‍රික්ක 08ක් සඳහා මෙලෙස යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර තායිලන්තය සිය දේශසීමා ප්‍රදේශවලින් 138,000කට අධික පිරිසක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය කාම්බෝජ දේශසීමාවේ ආරක්ෂිත ප්‍රදේශ 06ක් වසා දැමීමටද නියෝග කර ඇති අතර ඒ අනුව එම ප්‍රදේශයේ ඇති ජාතික වනෝද්‍යාන 06ක්ද වසා දැමීමට තායිලන්තය පියවර ගත් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED