spot_img

ඊයේ සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව ඊයේ (26) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,182ක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 230 මිලිග්‍රෑම් 159ක ප්‍රමාණයක් හා හෙරොයින් ග්‍රෑම් 220 මිලිග්‍රෑම් 415ක ප්‍රමාණයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

අපරාධවලට ඍජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 20 දෙනෙකු හා විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 410 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුම තුළින් පුද්ගලයන් 24,343 දෙනෙකු,වාහන 9,727 හා යතුරුපැදි 7,396ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇත.

එමෙන්ම මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී ගිනි අවි හතරක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

මේ සදහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුලු නිලධාරීන් 7600කට අධික පිරිසක් සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED