spot_img

ආදරය ගැන කතා නොකර ඉමු… – ආලෝකා ධනංජනී

දැන් දිගටම වැඩ
ආලෝකා ධනංජනී මේ දිනවල ‘සිරි ගරාජ්’ එකේ බරටම වැඩ. ඇයගේ තවත් නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී එන්නත් තියෙනවලු. අපි බලමු ඒවා මොන වගේ වෙයිද කියල. මේ, ආලෝකා මීවිතට කිව්ව ඇයගේ අලුත්ම තොරතුරු.

ආලෝකා, මොනවද මේ දවස්වල අලුත් වැඩකටයුතු?

මේ දවස්වල චන්දන ධර්මප්‍රිය අයියගෙ ‘සිරි ගරාජ්’ ටෙලි නාට්‍ය විකාශය වෙනව හිරු ටීවී නාළිකාවෙ. රුවන් කුඩලිගම අයියත් එක්ක අලුත් වැඩක් පටන්ගත්තා, ඒක ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඒ වගේම කලින් කරපු නිර්මාණයක වැඩකටයුතු නැවත අලුතින් පටන්ගන්න සූදානමින් ඉන්නව.

දැන් වැඩිය දකින්න නැහැ?

දකින්න නැත්තෙ නැහැ. නමුත් පසුගිය දවස්වල පොඩ්ඩක් කලාවෙන් ඈත්වෙලා හිටියා. නමුත් දැන් ආපසු වැඩ පටන්අරගෙන තියෙනව.

කලාවෙන් ඈත් වුණේ ඇයි?

ඒක කලාවෙන් ඈත්වීමක් ම නෙමෙයි, විවිධ ප්‍රශ්න නිසා ගොඩක් කාලෙකින් පීරියඩ්ස් ඩ්‍රාමා කෙරුණෙ නැහැ. මම වැඩිපුරම කළේ ඒවා. ඉතිං ඒවා අඩුවෙන් කෙරෙද්දි මට ලැබුණ වැඩත් සීමා වුණා.

දැන් විරාමය අවසන්ද?

ඔව්, දැන් දිගටම වැඩකරගෙන යනව.

සිරි ගරාජ් ටෙලියට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඉසුරු අයිය තමයි මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් විදිහට ඉන්නෙ. අපි හිතන්නෙ නැති විදිහට මේ කතාව ගලාගෙන යනව.

රූගතකිරීම්වල අත්දැකීම් හරි සුන්දරයි කියලයි ආරංචිය?

ඔව්, ඇත්තටම සුන්දරයි. මොකද සමහර දර්ශනවල දෙබස් කියද්දි අපිටම හිනා යනව. මේ දෙබස් හරි සුන්දරයි. නිර්මාණයත් හාස්‍ය මුසු එකක් නිසා අපිත් හරි ආසාවෙන් රූගතකිරීම්වලට සහභාගි වෙනව.

පිටපත දැක්කගමන් මොකද හිතුනෙ?

චන්දන අයියත් එක්ක මම කලිනුත් වැඩකරල තියෙනව. මේ ආරාධනය ලැබෙද්දිත් ගොඩක් සතුටු හිතුණා. ඒ වගේම මේ පිටපත දැක්කාම මට එකෙ ලොකු වෙනසක් දැනුණා.

මෙතෙක් පැමිණි ගමන ගැන කතා කළොත්?

මම මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නෙ සිරස නාළිකාවේ ෆිල්ම් ස්ටාර් වැඩසටහන හරහා. එහෙම ආපු ගමනෙදි අද මම ඉන්න තැන ගැන සතුටුයි. මුල්ම කාලෙ මට ලොකුවට වැඩ තිබුණෙ නැහැ. කාලයත් එක්ක තමයි ඒ තැන හදාගත්තෙ. මේ කිසිම දෙයක් බන්දේසියක තියල මට කවුරුවත් දුන්නෙ නැහැ. මහන්සි වෙලා, හදාරලා තමයි අද ඉන්න තැනට මගේ තත්ත්වය හදාගත්තෙ.

ඔබ සිනමාවටත් සම්බන්ධ වුණා?

ඔව්, මම සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. එකක් සනත් ගුණතිලක මහත්මයාගෙ ‘ගැහැනු’, අනක් නිර්මාණය සනත් අබේසේකර මහත්මයාගෙ ‘ගුත්තිල’. ඒ වගේම තාරුක මල්ලිගෙ අලුත්ම සිනමා නිර්මාණයේ ෂූටිං පටන්ගන්නතුරු බලාගෙන ඉන්නව.

ආලෝකා තාමත් ගමේ ඉඳන්ද කොළඹ එන්නෙ?

මාවනැල්ලෙ ඉඳන් නිතර ෂූටිං එන යන එක කරදර නිසා මම කොළඹ නැවතිලා ඉන්නෙ. නමුත් ඉඩක් ලැබුණ හැම වෙලාවෙම ගමේ යනව. මම හරි කැමතියි ගමට.

ගෙදර අය මොකද කියන්නෙ?

මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. එයා එදා බොහොම සතුටු වුණා මං ඉන්න තැන ගැන. මගේ අම්මත් විදෙස්ගතවෙලා ඉන්නෙ. ඇයත් හරිම සතුටුයි මගේ ගමන ගැන.

ඔබ මුහුණ දුන්න ලොකුම අභියෝගය මොකක් කියල ඇහුවොත්?

මගේ තාත්ත නැතිව එතැනින් එහාට ජීවත් වෙන්න හිත හදාගන්න එක තමයි මට තිබුණ ලොකුම අභියෝගය.

විලාසිතාවලට තියෙන කැමැත්ත?

ටේ‍රන්ඩ් එකට යන්නෙ නැහැ. නමුත් මට ගැළපෙනව කියල හිතෙන ඕනෑම විලාසිතාවක් මම කරනව.

ආලෝකා ලස්සන වෙලාලු?

ඔව්, ගොඩක් දෙනෙක් එමෙ කියනව. මම හරි සතුටින් ඉන්නෙ. ඉතිං මම හිතනව ලස්සන වීමේ රහස ඒක තමයි කියල.

දැන් ශරීර සෞඛ්‍ය ගැන වැඩිපුර හිතනවලු?

මම ජිම් එකට නම් යනව. මොකද අපි එක එක දේවල් කනවනෙ. ඉතිං ඇඟ මේන්ටේන් කරන්න නම් ජිම් එකට යන්න වෙනව.

නිළියක් වුණත් කෑමෙන් පාලනයක් නැහැ?

එහෙම නැහැ. මම හොඳට කන බොන කෙනෙක්. කාල ජිම් යනව.

කැපිලි කෙටිලි තිබුණද?

ඕනෑම ක්‍ෂේත්‍රයක එහෙම දෙයක් තියෙන්න පුළුවන්. මටත් එහෙම දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනව.

ආදරය, ආලෝකා දකින්නෙ මොන විදිහටද?

මං හිතන්නෙ ආදරය කියන මාතෘකාව ගැන අපි කතා නොකර හිටියොත් හොඳයි.

රංගන ජීවිතයේ හීන මොන වගේද?

මම නිතරම කැමති එකිනෙකට වෙනස් චරිත කරන්න. ඉදිරියේදි විකාශය වීමට නියමිත නිර්මාණයක මම කළේ අන්ධ චරිතයක්. ඒ වගේ අපි ලස්සන වෙන්නෙ නැතිව කැත වෙන තරමට චරිතයක් කරන්න ලැබෙන පරාසය වැඩියි.

නිවේදනයට ආරාධනයක් ලැබුණොත්?

එහෙම ආරාධනයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම භාරගන්නව. මොකද මම පාසල් කාලයේ රංගනයට වඩා කළේ නිවේදන කටයුතු. ඒ වගේම මම හිතනව ඉදිරියේදී මාව එහෙම දේකින් දකින්න ලැබෙයි කියල.

මෙතෙක් මුණගැහුන අධ්‍යක්‍ෂවරු ගැන අදහස මොන වගේද?

මට මේතාක් මුණගැහුන අධ්‍යක්‍ෂවරු හරිම හොඳයි සහ අපේ කැපෑසිටිය අනුව ඔවුන්ට අවශ්‍ය චරිතය අපෙන් ගන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ වගේම ඔවුන් හරිම ටැලන්ටඩ්.

චරිතවලට සීමාමායිම් තියෙනවද?

දැනට නම් එහෙම සීමාවන් නැහැ. ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්නම් මම ඒක භාරගන්නව.

මහේෂ් එදිරිසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

රට රැකියා දෙනවා කියා තරුණයෙක් රැවටූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත...

අදත් ප්‍රදේශ කිහිපයකට තද සුළං හා වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

මාර්ග අනතුරකින් වයස අවුරුදු 3 හමාරක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට

සීගිරිය - දිගම්පතහ - කිඹිස්ස මාර්ගයේ දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3...

වෙනත් ලිපිRELATED